මැකෝ ජඩයෙක් බව රත්නජීවන් හූල්ගේ පෙත්සමෙන් හෙලිවෙයි

Published in පුවත්
Monday, 12 November 2018 18:31

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගයේ ව්‍යවස්ථානුකුල භාවය සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට ශ්‍රි ලංකා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ද අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සමේ අඩංගු කරුණු කරණා අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයා ගත් නීත්‍යානුකුල නොවන ක්‍රියමාර්ගය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මෙහිදි හෙලි කර තිබේ.

එම පෙත්සමෙහි මෙසේ සඳහන් වේ

2018 නොවැම්බර් මස 10 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සාකච්ඡාවක් සිදු කර තිබේ.

සියලුම සාමාජිතයන්ගේ අදහස වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම නීති විරෝධී බවයි. නමුත් අදාළ තීරණය නීත්‍යනුකූලද? නැද්ද? යන්න ගැන සෙවීමට වඩා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම සැළකිළිමත් විය යුතු බව පෙත්සමේ 2 වැනි හා 3 වැනි වගඋත්තරකරුවන් පවසා ඇත.
(2 මහින්ද දේශප්‍රිය -සභාපති /3 එන් ජේ අබේසේකර - කොමිසමේ සාමාජික)

පෙත්සම්කරු සඳහන් කර සිටියේ කොමිසමේ සාමාජිකයන් ලෙස ඔවුන්ට මැතිවරණය සඳහා සූදානම් වීම හැර වෙනත් විකල්පයක් නොවූ බවයි. ඉන්පසුව කොමිසමේ බහුතරය විසින් 4වන වගඋත්තරකරු (4. ඒම් ඒ පී සී පෙරේරා - කොමිසාරිස්) වෙත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ බලතල ක්‍රියාත්මක කිරීමේ තීරණයට එළඹී තිබේ.

නමුත් මෙම පෙත්සම්කරු අදාළ තීරණයට විරුද්ධ වූ අතර ඔහු විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ නියෝගය ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී බවයි. එම නිසා මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සිදු නොකළ යුතු බව ඔහු කියා සිටියි.

hool 2hool

Last modified on Monday, 12 November 2018 18:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us