මහින්දට අභියෝගයක්.. හැකිනම් විශ්වාසභංගයට එරෙහිව යෝජනාවක් ගෙනෙනු ! Featured

Published in පුවත්
Sunday, 18 November 2018 22:43

මහින්ද රාජපක්ෂට එරෙහිව දෙවරක්ම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ සම්මතව තිබුණත් එය පිළිගැනීමට නොහැකිනම් හෙට (19) ඊට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර සම්මතකර පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බව එජාපයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

අද සිරිසේන ජනාධිපතිවරයා සමඟ පැවැති සර්වපාක්ෂික කතා මඩුවේදී සිරිසේන නානාප්‍රකාර විකාර දොඩවමින් විශ්වාසභංග යෝජනාව තමන් කැමති විධිමත් ක්‍රමයයට කළ යුතු බව අවධාරණය කර තිබේ. සිරිසේනට අවංක වුවමනාවක් තිබුණා නම් එම අවස්ථාවේදී හෝ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකිව තිබිණි. එහෙත් ඔහුගේ ඒකායන උත්සාහය වී තිබෙන්නේ තමන්ගේ පරණ ත්‍රාඩ හාම්පුතා වන මහින්දව අගමැතිවරයා ලෙස තබා ගැනීම බව මෙම කතා මඩුවේදීද හෙළිවූ බව ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම මහින්දගේ උපන් දිනය වෙනුවෙන් ඔහු කේක් ගෙඩියක් ගෙන්වා එය මහින්ද සමග සැමරීම ඔවුන් දෙදෙනාගේ ඇති සබැඳියාවේ තරම පෙන්නුම් කර තිබිණි.

කෙසේ නමුත් අද සවස්වරුවේදී මහින්දවාදී කහඩකයන් කිහිප දෙනෙකු හමුවී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට 113 නැතිනම් මෙම තනතුරේ ඉන්නේ නැති බවය. එහෙත් එය මුසාවකි. තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ඔහු අදත් සපත කර තිබුණේ කවර හේතුවක් මතවත් අගමැතිධුරය අත්නොහරින බවය. එහිදී පවිත්‍රා දේවී, ලොකුගේ , වීරවංශ ආදින්ද පවසා ඇත්තේ කිසිසේත්ම අගමැතිධුරයෙන් ඉවත් වීම නොකළ යුතු බවය.

එසේ වුවහොත් තමන්ට පරාජිතයන් ලෙස පාක්ෂිකයන් හමුවට යෑමට සිදුවන බවත් තමන්ගේ කණ්ඩායමට එරෙහිව තිබෙන චෝදනා විමර්ශනයන් ආදිය වේගවත් කර වැඩි දෙනෙකුට සිරබත් කන්න වෙනු ඇති බවත් මෙහිදී කතා කර තිබේ. ඒ නිසා සිරිසේන හා එක්ව මොන ක්‍රමයකින් හෝ තනතුර රැක ගැනීම කළ යුතු බව ඔවුන් දැඩිව ඉල්ලා ඇත. මහ මැතිවරණයකට යන්නෙ නම් මේ මොහොත අවාසිදායක බවත් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ජනතා ආකර්ෂණය වැඩි කරගෙන ඒ සඳහා පසුව සුදානම් වීම නිවැරදි බව ද ඔවුන් පෙන්වා දී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us