සිරිසේනගේ අන්තිම තුරුම්පුව: 2020 පොදු අපේක්ෂකකම දෙන්නේ කවුද අගමැති එහෙන් ! Featured

Published in පුවත්
Friday, 30 November 2018 19:15

සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇතිකළ දේශපාලන කුමන්ත්‍රණයේ සැබෑ හේතුව දැන් පැහැදිලි වෙමින් තිබේ. තවත් වාරයක් තමන්ට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ බල තන්හාව මීට නිමිත්ත වී තිබේ. 2020 ජනාධිපතිවරණයට එජාපයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බව මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ තීරණය වී තිබීම මත සිරිසේන සිදු කළේ තමන්ව පොදු අපෙක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවා දෙනවා නම් අගමැතිධුරය මහින්දට දෙන්නම් කියන එකය.

එම එකඟතාවය මත මහින්ද රාජපක්ෂ අගමැතිධුරය බාරගෙන තිබේ. එහෙත් මහින්දට අවශ්‍ය 113 ක බහුතරය සකසා දිමට සිරිසේන දුන් පොරොන්දුව ඉ‍ටු කර ගැනිමට නොහැකි විය. මාසයක් තිස්සෙ දන්නා දහං ගැට සියල්ලම ගැසුවත් සිරිසේන අසාර්ථක විය. මහින්දට හෝ ඔහුගේ දේශපාලන මෙහෙයුම් කරුවා වූ බැසිල්ටවත් එය සිදු කර ගන්නට නොහැකි විය.

මේ තත්වයන් හමුවේ එජාපය ඉතා පැහැදිලිව පාර්ලිමේන්තු බහුතරය තමන්ට තිබෙන බව 6 වරක්ම ඔප්පුකර පෙන්වීමට සමත් විය. මේ නිසා තව දුරටත් මහින්ද සරණ යෑම පළක් නොවන බව සිරිසේට තේරුම් ගිය නිසා එජාපයට ආණ්ඩුවක් පිහි‍ටු වීමට ඉඩ දෙන බවට ඊයේ පෙරේදා පණිවිඩ පිට පණිවිඩ එව්වෙය. ඒ අනුව අද දින ඒ සියල්ල සම්පුර්ණ කර අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ දිවුරුම් දිමද සූදානම් කෙරිණි.

එහෙත් අද පෙරවරුවේ සිරිසේන විසින් ලබා දුන් පණිවිඩයේ සඳහන් වෙන්නේ තමන්ට 2020 ජනධිපතිවරණයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඉඩ සලසනවා නම් රනිල්ව අගමැති ලෙස පත් කරන බවය.

ඊට එජාපය අදි මදි කළෙන් තව දුරටත් දේශපාලන අර්බුධය නොවිස‍ඳෙන ලකුණු පහළ වී ඇත.
මේ අනුව අද සවස 7.30 ට පමණ ආරම්බ කිරීමට නියමිත ජනාධිපතිවරයා සහ එජාපය අතර සාකච්ඡාව අතිශය තීරනාත්මක වනු ඇත. දෙපාර්ශ්වයෙ මෙම දේශපාලන ගනු දෙනුව එකඟ තාවයකින් කෙළවර වුවහොත් හෙට සිට මේ දේශපාලන අර්බුධය නිම වෙනු ඇත.

බල ලෝභියෙක් ජනාධිපතිධුරයට පත් කර ගැනීමේ ආනිසංසය නිසා අද රටම දැවැන්ත ආර්ථික හා සමාජීය අර්බුධයකට පත් කෙරී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us