සිරිසේන එන නිසා සංචාරක කර්මාන්තකරුවන් සංචාරක සම්මාන උළෙල වර්ජනය කරයි Featured

Published in පුවත්
Wednesday, 05 December 2018 13:37

ජනාධිපති සිරිසේන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන මේ වසරේ පැවැත්වීමට නියමිත සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කර තිබෙනවා.

රටේ දේශපාලන අර්බුදයක් හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නිර්මාණය කර සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ සළසමින් අද වන විට සිදු වී ඇති තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ජනාධිපති සිරිසේන ට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සම්මාන උළෙල සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙම සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදි හෙට (06) පැවැත්විමට නියමිතව තිබෙනවා. එහිදි විවිධ හෝටල් ජාලයන් පවසා සිටින්නේ යම් හෙයකින් ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන සම්මාන උළෙලේ දි සම්මානලාභීන් ලෙස සිය නම් නිවේදනය කළහොත් එම සම්මාන ගැනීමට වේදිකාවට නොපැමිණෙන බවයි.

මීට පෙර මෙම සම්මාන උළෙල සංවිධාන කරන මුල් අදියරේදි සංචාරක සංවර්ධන අධිකාරිය මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කිරීමට සැළසුම් කර තිබුණේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටයි. නමුත් ඔක්තෝබර් 26 වැනිදා සිරිසේන ගේ කුමන්ත්‍රණයත් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතාට ආරාධනා කිරීමට සැළසුම් කර තිබුණා.

කෙසේ නමුත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක සංචාරක කර්මාන්තය හාන්සි කළ , දේශපාලන කුමන්ත්‍රණයේ නියමුවා වන ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට තීරණය කර තිබෙන බව කලම්බු ටෙලිග්‍රාෆ් පුවත් සේවය පවසනවා.

පසුගිය මාසයේ දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තයේ මෙම බිඳ වැටීමත් සමඟ සංචාරක කර්මාන්තයෙට සම්බන්ධ ක්ෂේත්‍රවල නියැළෙන 300,000ට වැඩි ප්‍රමාණයක් පිඩාවට පත් වුණා. ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රව ආදායම සීඝ්‍ර ලෙස පසු බැස තිබෙනවා.

සම්මාන උළෙලට ජනාධිපති සිරිසේනගේ පැමිණීම සම්බන්ධයනේ සංචාරක ක්ෂේත්‍රෙය් දැඩි මතබේදයක් හට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදි සිය විරෝධය පළ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us