විනිසුරුවරුන්ට එරෙහි මඩ ප්‍රහාර සිරිසේනගේ සහ මහින්දගේ මාධ්‍ය ඒකක වල වැඩක්.! Featured

Published in පුවත්
Friday, 07 December 2018 16:26

සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩු වලින් පරාජයට පත් වීමේ බරපතල අවධානමක සිටින සිරිසේන සහ මහින්ද කණ්ඩායම් වල මාධ්‍ය ඒකක විසින් මේ වන විට එම විනිසුරුවරුන්ට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරමින් සිටී.

ජාතිවාදී සහ ආගමික බේදයන් උලුප්පමින් මඩ පොස්ටර් සහ පුවත් ගනනාවක් මේ වන විට ඔවුන්ගේ වෙබ් අඩවි සහ සමාජජාලා පි‍ටුවල බේදා හරිමින් තිබේ. විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයට අනුයුක්තව සේවය කරන් කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන යන සමාජ ජාලා පි‍ටු මේ වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මෙම මාධ්‍ය අංශයේ උපදෙශකයා ලෙස ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක කටයුතු කරන බවත් මෑතකදි දීප්ති කුමාර ගුණරත්න නැමැති දාර්ශණිකයාද එයට එක්වී ඇති බවත් එම මාධ්‍ය අංශයේ හිතවතුන් පවසා සිටී. කෙසේ නමුත් මේ මජර කුප්ප කටයුතු නිසා මේ වන විට එම අංශයේ කටයුතු කළ බහුතරයක් දෙනා සේවයෙන් ඉවත්ව සිටින බවත් වාර්තාවේ.

මේ අතර බැසිල් රාජපක්ෂට හිතවත් කණ්ඩායමක් විසින්ද මෙම මඩ ප්‍රහාරයන් දියත් කරමින් පවතී. විමල් වීරවංශට අයත් යැයි කියන සී නිව්ස් වෙබ් අඩවිය මඟින්ද දිගින් දිගටම ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් තිබේ.

පාර්ලිමේන්තුව හමුවේ ව්‍යවස්ථා කුමන්තරණය පරාජයට පත් වීමෙන් පසුව අධිකරණය හමුවේ විභාග වෙන නඩු දෙකෙන් පරාජයට පත් වීමේ අවධානම නිසා ඔවුන් මෙසේ වියරුවෙන් හැසිරෙන බව පැහැදිලි කාරණාවකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us