පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය යන එකම රාවයයි. දින 100 තුළ ඇති කරගනිතැයි කී අතිශය අත්‍යාවශ්‍ය ‘තොරතුරු දැන ගැනීමේ පනතට’ හෙණ ගැසුවත් කම් නැත. ගිය සතියේ මේ තීරුවේ සඳහන් කළ කුණු කඳු ගොඩගැසීමේ ප්‍රශ්නයත් යකාට ගියදෙන්. යහපාලනය තදින්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයත් ඔහේ පැත්තක තිබුණාදෙන්. ඔවුන් සියල්ලන් එක හඬින් කෑගසන්නේ, 20 වැනි සංශෝධනය තුළ අඩංගු අනාගතේ අපට ලැබෙන පාර්ලිමේන්තුව කෙසේ විය යුතුද යන්න ගැනයි.
ගාල්ල පාවෙන අවි ගබඩාව පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතා විදේශ ගතවීම කෙරෙහි රහස් පොලිසියේ කිසිදු විරෝධතාවක් නොමැති බවට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, සිය ව්‍යාපාර කටයුතු සඳහා සේනාධිපති මහතාට මාස 03ක කාලයක් විදේශ ගතවීමට ඊයේ (22දා) අවසර ලබා දුන්නේය.
උපතින්ම ආබාධිතව වසරකට දරුවන් 6500 ක් මෙරටදී උපත ලබන බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වෙයි.
වත්මන් රජය රජයේ සේවකයන්ට ලබාදුන් වැටුප් වැඩිකිරීමේ පොරොන්දුවට අනුව මේ මාසයේ සිට රුපියල් 2,000කින් වැටුප් වැඩිකිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස් ආර් ආටිගල මහතා පවසයි.
බැසිල් සංචාරක අමාත්‍යාංශයේ මුදල් වියදම් කරල තියෙන්නේ මැද මුලනෙන් ගෙනා බූදලයක් ගානට
සංචාරක අමාත්‍යාංශය යනු මැද මුලනෙන් ගෙනා සල්ලි ඇති බූදලයක් නොවන බවත් හිටපු සංචාරක අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ සංචාරක අමාත්‍යාංශයේ මුදල් පවුලේ දේශපාලන ව්‍යාපෘති වලට යොදවා මහජන මුදල් අවභාවිතයේ යොදවා ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (22) ආරම්භ කළ හෙළිරදරව්ව නම් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
සන්ඩේ ලීඩර් හා ඉරුදින පුවත් පත් ද්විත්වය ප්‍රකාශය පත් කිරීම මෙම සතියෙන් පසුව සිදු නොවනු ඇති බව එම ආයතනයේ ආරංචි මාර්ග පවසයි.
අසාර්ථක දේශපාලකයකු වූ මිලින්ද මොරගොඩ මහතා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව උපදේශකවරයකු ලෙස පත් කර ගැනීම චීන රජයේ බලපෑමෙන් සිදු වූවක් විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. එමෙන්ම හිටි හැටියේම මිලින්ද මොරගොඩ වැන්නෙකුට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීමත් ඔහු විසින් ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වන බව ප්‍රකාශය කිරීමත් යම් සූක්ෂම දේශපාලන සැලසුමක කොටසක් බව පෙනී යන බව ඔවුන් පෙන්වා දෙති.

