ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14)සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ රෙජිමය පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමෘද්ධි බැංකුවේ මුදල් පවා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හොරකම් කරන්නට තරම් අමානුෂික වී ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(14) පැවති හෙළිදරව්-15 මාධ්‍ය හමුව අමතමින්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එක්ව ඡන්ද ප්‍රචාරක කටයුතු මෙහෙයවා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට කටයුතු බව ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 225 න් මහජන ඡන්දයෙන් කෙලින්ම තෝරාපත් කරගන්නා මන්ත්‍රී 196 ක් සඳහා තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 6151 දෙනෙකු නාමයෝජනා පත්‍ර බාර දී තිබේ.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂයේ ආධාරකරුවන් කුරුණෑගල නාවින්න වට රවුම අසලදී එම ප්‍රීතිය සැමරීමට රතිඤ්ඤා සමඟ අත් බෝම්බද පුපුරුවා ඇති බව කුරුණෑගල මුලස්ථාන පොලීසිය සැක කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළුගෙඩිය ලකුණෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ජාතික ලයිස්තු නාමලේඛනය  පහත දැක්වේ

ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි අක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්‍ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13දා) නියෝග කළේය.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us