යුධ සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන යාම සහ ඔවුන් අතුරුදන් කිරීම යන චෝදනා මත නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නාවික සහයෝගීතාවය පිළිබඳවද එකඟතාවයකට දෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.
අරලිය ගහ මන්දිරයේ ගාලු පාරට මුහුණලා තිබු මායිම ආවරණය වන පරිදි අතුරා තිබු මල් පෝච්චි 45,000ක් අද දින ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙම මල් පොච්චි තොගය ගම්පහ උද්භිත උද්‍යනයට බාර දීම සිදු කළේය. පසු ගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උත්සවයට සමගාමීව මෙම මල් පෝච්චි ආවරණය සකස් කරීමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැයවූ බවද සඳහන්.
නාගස්මුල්ල සී.අයි.ඩී. අධ්‍යක්ෂක ධූරයට-පොලිසියේ පුටු මාරුවේ
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරට විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡා කර ඇති බවත් ෂිංහුවා ප්රවෘත්ති සේවය වාර්තා කරයි.
අලුතින් ඉදිවන ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැදී සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් ඊයේ (27දා) නැවතත් දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ 58 වන සැමරුම ඊයේ(27දා) ශ්‍රී ලංකාව සහ රුසියානු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චවා මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.