ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් භාරදීම අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කරන බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විධායක කාරක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීම්වලදී ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම ප්‍රජා අයිතිය අහිමිවීමට පෙර ඔහු විසින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි දැරිය හැකිද යන්න පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති අංශය කරුණු සළකා බලමින් සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

අගවිනිසුරු ධුරයෙන් මොහාන් පීරිස්‌ මහතා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (02 දා) සවස 1.00 ට පාර්ලිමේන්තුවේ විවාදයක්‌ පැවැත්වේ.

'තමන්ට සහය දුන් ජනතාවට, දුක්‌ විඳින ජනතාවට සහන නොදීම පෙරේතකමයි. රාජපක්‍ෂ රෙජිමයේ ආර්ථිකය හරිම පෙරේත ආර්ථිකයක්‌. එම ආර්ථිකයේ කපුවයි, කට්‌ටඬියයි වන්නේ පී. බී. ජයසුන්දරයි, අජිත් නිවාඩ් කබ්රාලුයි.

දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිෂ්වාල් මහත්මිය අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර නාමයෝජන ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩ නැගීමට ගත් අවසන් උත්සහයත් අද අසාර්ථක වී තිබේ.

වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින අසීමිත විධායක බලය පමණක්‌ අඩු කිරීමට නියමිතය.

ld add copy

Connet With Us