එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර නාමයෝජන ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩ නැගීමට ගත් අවසන් උත්සහයත් අද අසාර්ථක වී තිබේ.

වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින අසීමිත විධායක බලය පමණක්‌ අඩු කිරීමට නියමිතය.

සියලූ බස් ගාස්තු අද සිට සියයට 8 ත් 10 ත් අතර ප‍්‍රතිශතයකින් පහත බසී. ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා රුපියලකින් අඩු කිරීමට නියමිතය.

අතුරු අයවැයෙන් හඳුන්වාදුන් මන්දිර බද්ධ සංශෝධනය කිරීමට රජය තිරණය කර අැත. එ් අනුව ඉදිරියේදී මෑත කාලයේ ඉදි වූ ගොඩනැගිලිවලට පමණක් අදාළ වන පරිදි මෙම බද්ධ සංශෝධනය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී අැත.

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී අැත.

ගුවන් සේවා අමාත්‍ය, ෆයිසර් මුස්තාපා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත.

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව අද ප්‍රකාශ කළේය.

ld add copy

Latest News

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක්

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක්

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන...

Connet With Us