නව ගුරු සේවා සහ විදුහල්පති සේවා ව්‍යවස්ථා මඟින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට 2008 වසරේදී ඔවුන් ප‍්‍රතික්ෂේප කළ වැටුපක් ලබාදීමටත්, අයවැයෙන් රාජ්‍ය සේවකයා ඉල්ලූ රුපියල් දස දහසක වැටුප් වැඩිවීම වෙනුවට සොච්චම් වැටුපක් ලබාදීමටත් එරෙහිව ඊයේ(29)දින ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය.

හල්දුම්මුල්ල - මීරියබැද්ද ප‍්‍රදේශයේ නායයෑමෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා ඉන්දියාව සම්පූර්ණ සහය ලබාදීමට තීරණය කර අැත. මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් වෙත දන්වා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය කරන සියලූම සහය ලබාදීමට සූදානම් බවය.

මෙරට සිටින මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

පසුගිය 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් රටපුරා දහස්‌ ගණනකගේ ජීවිත අහිමි වූ අතර ඊට පෙර 2003 වර්ෂයේදී ඇති වූ ගංවතුරෙන් හා නායයැම්වලින් රත්නපුර, කෑගල්ල කළුතර, ගාල්ල, මාතර ඇතුළු දිස්‌ත්‍රික්‌ක කිහිපයක පුද්ගලයන් තුන්සියයකට වැඩි පිරිසකට ජීවිත හානි වාර්තා වී අැත.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, 'ධවල කඳුළු' නමින් යුතු අළුත්ම ටෙලියක් විකාශනය කිරීමට ජාතික රූපවාහිනිය කටයුතු යොදා තිබේ.

කොස්ලන්ද මිරියබැද්ද කන්දේ නාය යාමෙන් සිය ගණනක් පණ පිටින් පස් වලට යට වී මිය ගිය අතර යුද හමුදාව විසින් සොයා ගත් මළ සිරුරු වලින් 5 කට යළි පණ ඇවිත් තිබීමේ අපූරු පුවතක් වාර්තා වේ.

පිවිතුරු හෙටක්' සංවිධානයේ නායක හා ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් එකඟත්වය පළකර ඇති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, එම යෝජනා ඉටුකරන බවට මහින්ද මහතාගේ මෙවර ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කිරීමට පොරොන්දුවී ඇති බව වාර්තාවේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා දෙන බව එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි. 

ld add copy

Connet With Us