නාගරික සංවර්‍ධන අධිකාරියේ තවමත් අරක් ගෙන සිටින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාබය රාජපක්ෂගේ හෙංචයියන් විසින් එම අධිකාරිය යටතේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන ව්‍යපෘති කඩාකප්පල් කරමින් සිටින බව වාර්තාවේ.

මෙරට ක්‍රීඩාව විකුණාගෙන කෑ නොම්මර එකේ හොර තක්කඩියන් වූ ක්‍රීඩා සංගම් නිලධාරීන් ‍රැසක් මේවන විට ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාව ගොනාට අන්දමින් සිටින බව වාර්තාවේ.

පෞද්ගලික බස් ගාස්තු සියයට 7කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද තීරණය කළේය. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩු කිරීම මෙම තීරණයට හේතුව බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඊයේ (21)අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද උදැසන ඔහු අතට ගෙනත් දෙන බවට පොරොන්දු වී ගිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද උදැසන පොරොන්දු වූ පරිදී පැමිණ නොමැත.

දැනට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් එම තනතුරින් මාරු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජනාධිපතිතුමන් , අග්‍රමාත්‍යතුමන් ඇතුලු ඇමති මණ්ඩලය හට නව වාහන මිල දී ගත නොහැකි බවට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති මහාපරිමාණ දූෂණ සොයාබැලීම සඳහා විශේෂ කොමිසමක් පත්කර තිබේ.

ld add copy

Latest News

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොම...

Connet With Us