පසුගිය කාලය පුරා මීගමුව ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා පිළබඳ සති අන්ත පුවත් පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සකච්ඡාවේදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න දැක්වූ අදහස් වලින් උපුටාගත් කොටස් පහත පළවේ.
නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබිය.
උතුරු පළාත් සභාවෙන් යාපනය නගර සභාවට අවශ්‍ය ප‍්‍රතිපාදන නොලැබෙන බව යාපනය නගරාධිපතිනි යෝගේශ්වරී පටිකුනරාසා මහත්මිය චෝදනා කරයි.
රාවය පුවත්පතේ තමන් සම්බන්ධ සාවද්‍ය පුවතක් පල කිරීම නිසා තමාගේ කීර්ති නාමයට අපහාසයක් වූ බැවින් ඊට මිලියන පනහක වන්දි මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා නිතීඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.
චාලක න්‍යුරෝන ආබාධ ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Ice bucket challenge වැඩසටහන මේ දිනවල අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව තිබේ.
මෙම අභියෝගයෙහි නීති පද්ධතියට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කර ගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු වෙයි.
එම අභියෝගය භාර ගෙන එය ඉටුකොට තමන් විසින්ම එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පල කර පැය 24 ක් තුළ මීලග අභියෝග කරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කල යුතුය.