ඉඩම් වල තිබෙන ගැටළු හා ආරවුල් විසඳා ඒවායේ අයිතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කළ බිම් සවිය යටතේ මේ වනවිට ඉඩම් ලක්ෂ පහක් පමණ මැන තිබේ.

පසුගියදා වාරියපොල බස් නැවතුම් පොලේදී තරුණයෙකුට පහර දුන් තරුණිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර නොසතුට පල කරයි.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ඌව මැතිවරණ වේදිකාවට එක්කර නොගන්නැයි එජාප ඌව මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ මෙරටට ගැළපෙන ලෙස ඔසරියෙන් හැඩ වැඩ වුහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරන සිසුන් අද (28) දිනයේ සංකේත පංති වර්ජනයක නිරත වන බව එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසයි. 

ලොව වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්‌ ක‍්‍රිකට්‌ තරගයකට සහභාගිවීම සඳහා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කෙරෙමින් පවතින පසුගිය සතිය තුළ ප‍්‍රචණ්ඩත්වය ඉතා බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
රාජගිරියල ඔබේසේකරපුර පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙකුගේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ගම්වාසීන් පැමිණිලි කර අැත. පසුව මෙම පැමිණිල්ල සිදු කළ ගම්වාසීන් පිරිසට පහරදීමක් සිදු වී තිබේ.

ld add copy

Connet With Us