කොස්ලන්ද මීරියබැද්ද නායයාමෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා ආරක්ෂක සේවාවන් සිදු කළ කැපවීම අමෙරිකාව විසින් පැසසුමට ලක් කර අැත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහ‍තාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය සමරා වාර්ෂිකව සංවිධානය කරන පාපැදි සවාරියේ පළමු අදියරේ ඇතැම් තරගකරුවන් නිවැරදි ගමන් මාර්ගයෙන් පරිබාහිරව ගමන් කළ හෙයින් එම අදියර අවලංගු කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදය පැරදවීම හා විධායක ඒ්කාධිපති බලතල පවත්වාගෙන යාම යනු කක් නොව දෙකක් යැයි අතුරළියේ රතන හිමි, "මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා පෙළපාලියෙන් අනතුරුව පැවසුවේය.

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරන්නැයි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆ් සායි පකිස්ථානයේ පාසල් සිසුන්ගෙන් ඉල්ලා අැත.

"මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් ඊයේ (18)පාගමනක් සහ විරෝධතා රැලියක් කොළඹ දී පවත්වනු ලැබීය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍රයේ වලංගු කාලය ලබන මාසයේ සිට සංශෝධනයට ලක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර අැත.

මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් මිනිස් අස්ථි කොටස් 1951 වර්ෂයට පෙර ඒවා බවට හඳුනාගෙන තිබේ.

මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us