කාන්තාවන් ගැන කතා කිරීමට රුචියක් දක්වන ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ උත්සවයකදී ඔහුගේ පුතු වන සේනාල් වෙල්ගම ඉදිරියේදීද කාන්තාවන් ගැන කතාවක් පවත්වා තිබුණි.

ආසියාවේ නොමිලේ ලබාදෙන ප‍්‍රථම කෙටි පණිවුඩ සේවාව ලංකාවේ ආරම්භ කර ඇති අතර ඒ සදහා ලියාපදිංචි වීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මගින් මේ වනවිට පහසුකම් සලසා තිබේ.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා   අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.



ලිබියාවේ වෙසෙන සහ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් අදාළ පුහුණුව නතරකර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන හෙද නිලධාරිනියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
වනඅලි පැටව් අල්ලා කූඨ ලේඛන සකස් කොට තබාගැනීම වංචාවක් වුවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවන බව පරිසරවේදී  පුබුදු වීරරත්න පවසයි.



සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට ඉඩ සලසමින් අධ්‍යාපන අමාත්‍යංශය නව චක‍්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් හෝ වෙන කවරෙකු වුවද මුහුණ ආවරණය කරගෙන නොපැමිණිය යුතු බවත්, එයට කිසිසේත් ඉඩනොදෙන බවත්,  නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බවත්  මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළ බව ජාතික හෙළඋරුමය පවසයි.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us