ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) දින පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමක් ලැබී තිබේ.

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය බැවින් එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙන අතර මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිත බව දැනුම් දෙයි.

-P.M

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us