මාලිමා ආණ්ඩුවේ ඇමතිලාට ජවිපෙන් උපදේශක මණ්ඩලයකුත් පත් කරනවාලු.
ඉදිරියේ පිහිටවනු ලබන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව විසි පස්දෙනකුට සීමා කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත. එම අමාත්‍යවරුන් සඳහා උපදෙස් ලබා දීමට වෙනම උපදේශක මණ්ඩලයක් පත්කරන බවද ඔහු සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කල හිරුට මැතිවරණ කොමිසමෙන් දැඩි අවවාද
‘හිරු’ මාධ්‍ය ජාලය පොදු සංඛ්‍යාත හා ගුවන්කාලය අවභාවිතා කර මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙන් වලකින්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා හිරු මාධ්‍යජාලයට දැනුම් දෙයි.
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතව තිබේ.
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.
2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධානය අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වුණි.
එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

