පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කීය.

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය.

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සහ සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස යළි ජනපති වන බවට පැහැදිලිව ගණන් බලා තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.

දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ජූනි මස 19 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙරට කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යට‌තේ Geo- Goviya නැමැති යෙදවුම හඳුන්වා දී තිබේ.

ld add copy

Latest News

පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි

පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත...

Connet With Us