ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට උපරිම උත්සාහ දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි
දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.
සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සැකකරුවන් 68 දෙනාට නිදහස
2022 මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී තත්වයන් අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට එම අධිකරණය ඊයේ (04) තීරණය කර තිබේ.

