අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව තාක්ෂණය හරහා රැකියා වෙළෙදපොළටත්, පරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගැනීමේ අවස්ථාවක් මේවනවිට ශ්‍රී ලාංකිකයින් උදාවී ඇත.

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

දිවයින පුරා සිඟමන් යදින වීථි දරුවන් 20,000ත් - 30,000ත් අතර පිරිසක් සිටින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald's හි මෙරට මෙහෙයුම් කටයුතු තාවකාලිකව මේ වන විට අත්හිටුවා තිබේ.

ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය”ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සර්කොනියම් සෙරමික් යන මූලද්‍රව්‍යය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් පළමු වරට සොයා ගෙන තිබේ.

ld add copy

Connet With Us