කාන්තා සේවා නියුක්තිය සම්බන්ධව නව නීතියක් හඳුන්වා දුන්නත් අර්ධ කාලීන රැකියා පිළිබඳ එහි සඳහනක් නොමැති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත රමනි ගුණතිලක පැවසුවාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ලෝක ගැටලු රටට ගැලපෙන ආකාරයට විසදා ගත හැකි දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

පාතාල කල්ලි සහ කණ්ඩායම් මර්දනය සඳහා ක්‍රියාමාර්ග රැසක් රජය විසින් පසුගිය මාස කිහිපය තුළ රැගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබෙනවා.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ව්‍යවසායකත්ව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇත.

මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බව මහින්ද දේශප්‍රිය පවසයි.

ශ්‍රී ලංකාවේ ධාරිතා ප්‍රවර්ධන (Capacity Building) හා කලාපීය ඩිජිටල් සංවර්තන (Regional Digital Transformation) ගමන් මඟ ප්‍රසාදයට ලක්ව තිබේ.

ld add copy

Connet With Us