සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය පවසා තිබෙනවා.

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

දේශපාලන කොන්දේසිවලින් තොරව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට සහ එහි අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ජනාධිපති ෂී ජින්පිං අද .(20) බීජිං හි පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ 3 වැනි නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ හමු වී තිබෙනවා.

වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව පළවී තිබෙනවා මෙම මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් පමණ වන බවයි සදහන් වන්නේ.

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ.

සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවරගන්නා බව වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කනක හේරත් පවසයි.

ld add copy

Connet With Us