ගොවියන්ට පහසුකම් !

Published in පුවත්
Wednesday, 15 November 2023 11:31

අප රටේ සියලු ගොවිජන මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍රස්ථාණ බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  (13)  දා ඉදිරිපත් කළ අයවැය යෝජනාවල දී ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට උප ව්‍යාපෘති 8ක් නිමකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

 

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සඳහා විසඳුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර (Self Check - in) 08ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් (Bag Drop) ඊයේ (14දා) උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී පැවැත්විණි.

පසුගිය වසරේ අයවැය යෝජනාවත් හරිහැටි සම්පූර්ණ කරගත නොහැකි තත්ත්වයක් තුළ මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවත් එය ජනතාවගේ පැත්තෙන් අවාසිදායක අයවැයක් බවත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් ඊයේ හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මුද්‍රිත බිල්පත් ක්‍රමය මුළුමනින්ම නතර කිරීමේ අරමුණින් පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත විදත් ලිපිනයට ලබා දීමේ වැඩපිළිවෙළක් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ආරම්භ කර තිබේ.

දැනට පවත්නා මැතිවරණ නීති සංශෝධනය වීමේ අවශ්‍යතාව සලකා බලා විවිධ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීම සිදු කෙරෙන බව මැතිවරණ නීති සංශෝධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ld add copy

ක්‍රීඩා

Connet With Us