පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් ලබා දීමට ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි යන්න අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා ඇත.

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති කිහිපයක් පාලිමේන්තුව තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගේනවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය තානාපති කාර්යාලය වෙත භාර ගත් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළා.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දීර්ග කරුණ දැක්වීම් සහිත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ld add copy

ක්‍රීඩා

Connet With Us