උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්වයේ අඩුවීමක් අද දිනයෙන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පවතින ජල ගැලීම් හේතුවෙන් ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

විපක්ෂය කුමන ප්‍රචාරයක් ගෙනගියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවෙමින් පවතින බව පාර්ශ්ව ගණනවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පැහැදිළිකර දි ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ld add copy

Connet With Us