වැට් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට මුදල් ගසා කෑමේ වෙළෙඳ මාෆියාව මුළුමනින්ම නවතාලීම සඳහා දැඩිව නීති රීති ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද(10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු සහ ඇයගේ පුහුණුකරු 2024 වසරේ පළමු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගි වීම සඳහා අද ක්‍රොඒෂියාව බලා පිටත්ව යයි.

විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අද (10) දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය කරගෙන ඇත.

ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා අද (10) දිනය යොදා ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ld add copy

Connet With Us