සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් මීට මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත මහින්ද රාජපක්ෂ ලිඛිතව දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සිරිසේන ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමේ අතුරු නියෝගයත් සමඟ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිටින මහින්දගේ හොර ගොබිලන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රි ලංකාවේ ප්‍රජාතනත්‍රවාදය අධිකරණයේ සුරක්ෂිත භාවය ගැන කොළ එළියක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනව එම සමාගමේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අද පත් කර තිබේ

එළඹෙන මහ මැතිවරණයේදි ජනාධිපති දියණි චතුරිකා සිරිසේන පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට ගන්නා උත්සාහයට පොලොන්නරුවේ පොහොට්‍ටු සාමාජියෝ මේ වන විට මහින්ද රාජපක්ෂට දන්වා ඇත්තේ කිසිසේත්ම ඊට ඉඩ දිය යුතු නැති බවය.

මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු ලකුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් උතුරු පළාත් සභාවේ කාන්තා හා ළමා කටයුතු හිටපු ඇමතිනි ආනන්දි සසිදරන් මහත්මියට ආරාධනා කර තිබේ.

ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සකස් කරන ලද පිටපතට අවශ්‍ය සාක්ෂි කඩිනමින් සකස් කරන ලෙස ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් සිටී.

ld add copy

Connet With Us