ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇමෙරිකාවට ජයක්

Published in ක්‍රීඩා
Friday, 07 June 2024 08:25

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් හිමි කරගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය.

එම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය සම වුණි.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වු අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දු 6 තුළ ලකුණු 18ක් රැස් කළේය.

ජයග්‍රාහී ලකුණු 19ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 13ක් පමණි.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් එක්වු අමෙරිකානු කණ්ඩායම ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරදවා ලකුණු 5ක ඓතිහාසික විස්සයි විස්ස තරග ජයක් හිමි කරගැනීමට සමත්විය.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us