ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණ­කෙ­ළිය අද සිට සති තුනක්

Published in ක්‍රීඩා
Monday, 01 July 2024 11:52

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණ­කෙ­ළිය ලෙසින් සැල­කෙන ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද පස්වරු 7ට ආරම්භ වේ


දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩා­යම අතර තර­ග­යෙන් පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී එය පැවැත්වවීමට නියමිතය.

කළ­මුබ් ස්ට්‍රයි­කර්ස්, ජැෆ්නා කිංග්ස්, දඹුල්ල සික්සර්ස්, ගෝල් මාව­ර්ලස් හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩා­යම් මෙවර තර­ගා­ව­ලි­යට එක්ව සිටින අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩ­ක­යන් ශ්‍රී ලංකා­වට පැමි­ණෙ­මින් සිටිති.

සති තුන­කට ආසන්න කාල­යක් පැවැ­ත්වෙන ලංකා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලිය මහ­නු­වර පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී, දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී හා කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

බට­හිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කළ ක්‍රීඩ­ක­යන් 32ක් මෙවර තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන අතර, ජය­ග්‍රාහී කණ්ඩා­ය­මට කුස­ලා­නය සමඟ රුපි­යල් කෝටි 3ක මුදල් ත්‍යාග­යක් හිමි වේ. අනු­ශූ­ර­යන්ට රුපි­යල් කෝටි 1.5ක මුද­ලක් පිරි­නැ­මී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සූදා­න­ම්වන අතර, එය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන තර­ගා­ව­ලි­ය­කදී පිරි­න­මන දැවැ­න්තම ත්‍යාග මුදල වේ.

විදෙස් ක්‍රීඩ­ක­යන් සමග ශ්‍රී ලාංකේය නැඟී එන ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් මේ තර­ගා­ව­ලි­යට එක්වන හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන්ට මේ තර­ගා­ව­ලිය විශාල අත්දැ­කී­මක් වනු ඇත.

****

මහනුවරදී පැවැත්වෙන තරග

අද (1) කැන්ඩි – දඹුල්ල (රාත්‍රි 7.30)

හෙට (2): ජැෆ්නා – ගෝල් (ප.ව.3.00)

කළම්බු – කැන්ඩි (රාත්‍රි 7.30)

ජූලි 3 දා: දඹුල්ල – ජැෆ්නා (ප.ව.3.00)

ගෝල් – කළම්බු (රාත්‍රි 7.30)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us