මිලාන් සහ ධනංජය ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩගනී..

Published in ක්‍රීඩා
Thursday, 22 August 2024 13:40

සත්කාරක එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් මැන්චෙස්ටර්හිදි පැවැත්වේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236කි.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් ලබා ගත්තේය.

ඊයේ ටෙස්ට් වරම් දිනූ මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය සමගින් අගනා වටිනා ලකුණු 72ක් රැස් කිරිමට සමත් විය.

එය වාර්තා අතරට එක්වුණේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අංක 9 පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මිලාන් එලෙස බිඳ දැමුවේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක බල්වින්දර් සන්දු පිහිටුවා තිබූ වසර 41ක් පැරණි වාර්තාවක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කිසිවකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 22ක්.

නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ බෙන් ඩකට් සමගින් ඩෑන් ලෝරන්ස් ය.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us