ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරගාවලි නැරඹීමට online ප්‍රවේශ පත්‍ර  

Published in ක්‍රීඩා
Monday, 30 September 2024 12:52

එළැඹෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.

මේ අතර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු ඔක්තෝබර් 10 වනදා සිට විවෘත කෙරේ.

විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙයි.

එසේම ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.

මෙම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා ද විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව සවස 5.30 දක්වාද අදාළ දිනවලදී විවෘතව තබන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us