රාජකීය සෙබළා රජ මාලිගය ළඟ පිස්සු කෙළී

Published in අනං මනං
Wednesday, 17 September 2014 10:04

බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධාරීන් සැරසේ.

බකිංග්හැම් මාළිගය ඉදිරිපස රඳවා සිටින රාජකීය හමුදාවේ භටයින් පිළිමයන් සේ නිසොල්මන්ව සිටින්නන් ලෙස ප්‍රකටය.ඇතැම් විට මාළිගය නැරඹීමට එන සංචාරකයෝ ඔවුන්ව ඇවිස්සීමට නොයෙකුත් විකාර කරතත් ඒවායින් බිඳකුදු හෝ සැළෙන්නේ,සිනාවක් හෝ නංවන්නේ ඔවුන් නොවේ.

එසේ නමුත් මේ රාජකීය හමුදා භටයා නම් තම සගයින්ට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනේ.රැස්ව සිටින සංචාරයින්ගේ ප්‍රීති ඝෝෂා මැද ඔහු නටනු අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවක දැක්වේ.

බොහෝ දෙනා මේ සිදුවීම හාස්‍යයෙන්ම භාර ගත්තද හමුදාවේ බළධාරීන් නම් එසේ කිරීමට සූදානම් නැත.ඔවුන් දැන් කටයුතු කරමින් සිටින්නේ අදාළ හමුදා සෙබලා දින 21 ක කාලයකට දැඩි නීති රීති ඇති සිරගෙදරකට යැවීමටය.ඔහුගේ මාසික චේතනයද කපා හැරෙනු ඇත.

හමුදා භටයින් විනයානුකූල ලෙස හැසිරිය යුතුයැයි ආරක්ෂක අංශ පණතේ සදහන්ව ඇති බැවින් ඒ ප්‍රකාරව ඔහුට එරෙහිව පියවර ගන්නා බව බලධාරීන් පවසයි

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us