දින 100 සැමරූ පැන්ඩා පැටවුන්

Published in අනං මනං
Friday, 07 November 2014 13:40

ජීවත්වීමට තරම් වාසනාවක් ලබාගනු ඇතැයි විශ්වාස නොකළ නිවුන් පැන්ඩා පැටවුන් තිදෙනෙකු කිසිදු අතුරු අන්තරාවකින් තොරව ඉතාමත් නිරෝගීව දින 100 ක කාලයක් ජීවත්වීමට සමත්ව ඇති පුවතක් දකුණු චීනයෙන් වාර්තා වෙනවා. එහි ගු‍අන්ඩොන්ග් පළාතේ ගුඅන්ෂොයුහි පිහිටි උද්‍යානයකදී පසුගිය ජූලි 29 වැනිදා උපත ලැබූ මෙම දුර්ලබ පැටවුන් තිදෙනාගේ උපත් බර ලෙස සටහන වූයේ අවුන්ස තුන හමාරක් පමණයි. 

 
එක් ගැහැණු පැටවෙකු සහ පිරිමි පැටවුන් දෙදෙනෙකුගෙන් යුක්ත ‍මේ තුන්නිවුන් පැන්ඩාවුන් ජීවත් කරවීම අසීරු බවට අදහස් පැමිණියේ ද එම අවස්ථාවේදී බව පැවසෙනවා. මීට පෙර මෙවැනි තුන්නිවුන් පැන්ඩා උපත් හතරක් වාර්තා වී තිබුණත් පැටවුන්ගේ ශරීරවල ප්‍රමාණය කු‍ඩා වීම නිසා ඔවුන් අකාලයේ මියයාම සිදු වූ බව සඳහන් වේ. 
 
කෙසේ නමුත් සිය ජීවිතයේ පළමු දින 100 කඩඉම පසුකර ඇති මෙම පැන්ඩා පැටවුන් මේ වසර වනවිට රාත්තල් 11ක බරින් යුක්ත බව සත්ත්ව උද්‍යානයේ බලධාරීන් පවසනවා. පළමුව ගැහැණු පැටවා සහ ඉන් අනතුරුව පිරිමි පැටවුන් දෙදෙනා ලෙස පැය හතරක පරතරයක් ඇතුළතදී ඔවුන් මෙලෙස උපත ලබා තිබෙනවා. 
 
පැටවුන් මේ දින 100 සම්පූර්ණ කිරීමත් සමගින් ඔවුන් මහජනතාව වෙත ප්‍රදර්ශනය කරන්නට ද සත්ත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබුණා. ‍එහෙත් එය ද සීමාසහිත කාලයකට වූ අතර ඔවුන්ට වැඩි වේලාවක් තම  මව සමගින් සිටීමේ අවස්ථාව උදාකර දීමට ද එම බලධාරීන් පියවර ගෙන තිබූ බව සඳහන් වේ. 
 
ඉදිරියේදී ද මේ ආකාරයට ම ඔවුන් හොඳින් වර්ධනය වෙන්නේ නම් තවදුරටත් මව සමගින් ම ‍මේ පැටවුන් රඳවා තැබීමටත් එම පිරිස් තීරණය ගැනීමට නියමිතව ති‍බෙනවා. තවමත් නම් යොදා නොමැති මේ දුර්ලබ පැන්ඩා පැටවුන් තිදෙනා වෙනුවෙන් නම් යෝජනා කිරීමට ද මහජනතාවට ආරාධනා කිරීමට උද්‍යානයේ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
 
අද ඇසුරෙනි
Last modified on Friday, 07 November 2014 14:12

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us