ඔස්ට්‍රේලියාව, උතුරේ පාසල් ක්‍රිකට් පිලට පරදී

Published in ක්‍රීඩා
Tuesday, 08 July 2014 09:12

වසර 42කට පසුව යාපනය ප්‍රදේශයේ සංචාරය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් පරදා යාපනය ඒකාබද්ධ පාසල් ක්‍රිකට් පිල ලකුණු 130ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

යාපනය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාපිටියේ ගෙවී ගිය සතිඅන්තයේ පැවැති මේ විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් යාපනය ඒකාබද්ධ කණ්ඩායම කඩුලු 4කට ලකුණු 183ක් වාර්තා කළ අතර ඔස්ට්‍රේලියාවේ යාරා වැලි ක්‍රිකට් සම්මේලන පිල ඕවර් 13කදී සියලුදෙනා දැවී ලකුණු 53ක් ලබාගත්හ.

යුද්දය නිමාවීමෙන් පසුව යාපනය ප්‍රදේශයේ පාසල් දරුවන් ශීඝ්‍රයෙන් ක්‍රීඩාවට යොමුවී දස්කම් දක්වමින් සිටිති.

මේ තරගයට යාපනය මධ්‍ය මහා විදුහල, හින්දු විදුහල, සාන්ත ජෝන් විදුහල, සාන්ත පැට්‍රික් විදුහල, පේදුරුතුඩුව හාට්ලි විදුහල හා චුන්නක්කාම් ස්කන්තවරදායි විදුහල නියෝජනය කරමින් ඒකාබද්ධ පිලට ක්‍රීඩකයෝ එක්ව සිටියහ.

යාපනය ඒකාබද්ධ පාසල් ක්‍රිකට් පිල අලාත් රාජ් විසින් මෙහෙය වූ අතර ඔස්ට්‍රේලියානු යාරා වැලි ක්‍රිකට් සම්මේලන පිල ටයිසන් ස්මිත් මෙහෙයවන ලදී.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලක් මෙයට පෙර යාපනය ප්‍රදේශයේ අවසන් වරට ක්‍රිකට් තරගයකට එක්ව තිබුණේ වසර 1972දී වන අතර එවර ඔස්ට්‍රේලියානු පාසල් ක්‍රිකට් පිල මෙහෙයවන ලද්දේ පසුව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්වූ ඇලන් බෝඩර් විසිනි. එමෙන්ම ඒකාබද්ධ පාසල් පිල යාපනය හින්දු විදුහලේ දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සූර්යකුමාර් විසින් මෙහෙයවීය.

එවක එම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ෂන්මුගම් තායලන් මහතා අද යාපනය පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කිරීමද විශේෂත්වයකි.

මේ තරග‍යේ හොඳම පිතිකරු ලෙස යාපනය හින්දු විදුහලේ ආර්. කජනන්, හොඳම පන්දු යවන්නා ලෙස චුන්නාක්කම් ස්කන්තවරදායි විදුහලේ කේ. ක‍ඩෝලියන් හා සෑම අංශයකින්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියානු යාරා වැලි පිලේ ලොචී සිනෙට් සම්මාන දිනා ගත්හ. ජයග්‍රාහී යාපනය ඒකාබද්ධ පිලට හා අනුශූරතා දිනූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වටිනා තෑගි හා කුසලාන යාපනය ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා අතින් ප්‍රධානය කෙරුණි.

යාපනය ආරක්ෂක හමුදා හා ගුඩ්නස් පදනම එක්ව සංවිධානය කළ මේ ක්‍රිකට් තරගයේ විශේෂ ආරාධිතයකු ලෙස ප්‍රවීණ විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා එක්ව සිටි අතර ගුඩ්නස් පදනමේ සභාපති කුසිල් ගුණසේකර, යාපනය දිසාපති එස්. අරුමනායගම්, නගරාධිපතිනි වයි. පත්ගුණරාජා, හින්දු විදුහලේ විදුහල්පති එස්. කේ. එල්ලිවෙන්නන් මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

යාපනය ඒකාබද්ධ පාසල් ක්‍රිකට් පිලේ නායක අලාන් රාජ් ශූරතාව කුසලානය ලබාගත් අයුරු ජායාරුපයේ දැක්වේ.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us