ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට

Published in ක්‍රීඩා
Thursday, 18 December 2014 12:38

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ 2කට හා එක්දින තරඟ 7කට සහභාගී වීම සඳහා අද(18) අලුයම නවසීලන්තය බලා පිටත් වූවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්ත සංචාරයකට පිටත් වූයේ වසර 8කට පසුවය. එවර සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයින්ගෙන් අද පිටත් වූ කණ්ඩායමට එක්වී ඇත්තේ කුමාර සංගක්කර පමණි.

මුලින්ම ටෙස්ට් තරඟ දෙක පැවැත්වෙන අතර ඉන්පසු පැවැත්වෙන එක්දින තරඟ සඳහා ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගෙන සිටින මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග එක්වීමට නියමිතව ඇත.
නවක ක්‍රීඩකයින් සමඟ නවසීලන්තයේ වේගවත් තණ තීරුවල ක්‍රීඩා කිරීම අභියෝගයකි. මේ පිළිබදව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත්තේ එම අභියෝගය ජය ගැනීම සඳහා තම කණ්ඩායම සූදානම් බවය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us