පස්වැනි තරගයත් ලංකාව පරදියි-ලෝක වාර්තාවක් සමගින් නවසීලන්තයට ජය

Published in ක්‍රීඩා
Friday, 23 January 2015 11:59

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108කින් පාරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි එක්දින තරගය ජයගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.
නවසීලන්තය කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 360කි.

නවසීලන්තය කඩුලු 5ට ලකුණු 93ක් ලබා සිටි අවස්ථාවේ පිටියේ එක්වූ ග්‍රෑන්ට් එලියට් හා ලුක් රොන්චි 6 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 267ක ලෝක වාර්තාවක් ද පිහිටුවීය.

එහිදී රොන්චි නොදැවී ලකුණු 170ක්ද, එලියට් ‍නොදැවී ලකුණු 104ක්ද ලබා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43.4දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 252ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 116ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 45, මහේල ජයවර්ධන ලකුණු 30ක් ලබා ගැනීම හැරුණු විට සෙසු පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.

දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා ලකුණු නොලබාම දැවී ගිය අතර කුමාර් සංගක්කාර ලබාගත්තේ ලකුණු 9කි.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් නිසා ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට චන්දිමාල්ට අවස්ථාව හිමිවිය.

තුන්වැනි කඩුල්ල ලෙස මහේල ලකුණු 211දී දැවී යාමෙන් පසු ඉතිරි කඩුලු 7 තවත් ලකුණු 41ක් තුළ දැවී යාම සුවිශේෂි කරුණකි.

මේ අනූව ඩිල්ෂාන්ගේ ප්‍රයත්නයට සෙසු පිතිකරුවන්ගෙන් ලැබුණු දායකත්වය ප්‍රශ්නාර්ථයකි.

මෙම පරාජයත් සමග තරග 7කින් සමන්විත තරඟාවලිය 3ට 1ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටියි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us