යුසේන් බෝල්ට් පරදවා ක්‍රිස් ගේල් ඉදිරියට

Published in ක්‍රීඩා
Wednesday, 25 February 2015 12:37

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දූපත් සමූහයට අයත් ජැමෙයිකානුවකු වන ක්‍රිස් ග්‍රේල් ඊයේ ලෝක කුසලාන තරඟවලියකදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් ලබා ගත් ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

ක්‍රිස් ගේල් එම ලෝක වාර්තාව තැබීමට සමත් වූයේ කැන්බෙරා නුවර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි.

පන්දු එකසිය තිස් අටකට මුහුණ දුන් ක්‍රිස් ගේල් හතළිස් හය වන ඕවරයේදී හතරේ පහරක් එල්ල කරමින් ද්විත්ව ශතකය වාර්තා කළේය.

ඔහු වාර්තා කළ ද්විත්ව ශතකයට හයේ පහර දාසයක් ඇතුළත්ය. ලකුණු දෙසීය පහළොවක් වාර්තා කර සිටි ක්‍රිස් ගේල් සිය ඉනිමේ අවසාන පන්දුවේදී දැවී යාමට ලක් විය.

ජැමෙයිකානුවන් කවදත් නැටුමට ගැයුමට ක්‍රීඩාවට උපන් හපනුන් ය. ගේල් ලොව පුරා කාගෙත් සිත්ගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුයේ යම් ජයග්‍රහනයකින් අනතුරුව ඔහු විසින් ක්‍රීඩා පිටිය තුළ සිදු කරන ගැන්ගම් ස්ටයිල් නම් නර්ථය හරහාය.

ජැමෙයිකානුවන් කවදත් එසේය. ඔවුන් ක්‍රීඩා කරන්නේ ජය සංකේත පමණක් වෙනුවෙන් නොව තමන්ගේත් තම ලෝලීන්ගේත් විනෝදාස්වාදය වෙනුවෙනි. පරාජය පෙනි පෙනී වුවද ඔවුන් ක්‍රීඩාවේ යෙදෙන්නේ කිසිම පීඩනයකින් තොරවය.


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සැදුම් ලැබුවේ ජමෙයිකාවද ඇතුලත් කැරිබියන් දුපත් සමූහයේ රටවල් කිහිපයක ක‍්‍රීඩකයන්ගෙනි.

ජෝජ් හැඞ්ලි, මයිකල් හෝල්ඩින්ග්, ක්ර්ට්නිවොල්ෂ්, ජෙෆ්ෆ‍්‍රි ඩුජොන්, අල්ෆ්‍රෙඞ් වැලෙන්ටින්, ජැකී හෙන්ඩ‍්‍රික්ස්, කොලින් ස්මිත්, ලොවුරන්ස් රෝව්, ඇලන් රෙයි, මොරිස් ෆොස්ටර්, ජිමි ඇඩම්ස්, රොබට් සැමුවෙල්ස් ද ප‍්‍රබල ජැමෙයිකානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ය.මේ අතරින් දක්ෂතමයා ක්‍රිස් ගේල් ය.

ජැමයිකා දූපත වෙනුවෙන් ජාත්‍යන්තන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට පිවිසි ජැමෙයිකානුවන් වන්නේ ෆ්‍රෙඩී මර්ටින් සහ කාර්ල් නූනෙස් ය. ඒ 1928 එංගලන්තයට එරෙහිව පැවැත් මංගල ටෙස්ට් තරගයේදීමය. නූනෙස් කණ්ඩායම් නායකයා බවටද පත්විය.

ජැමෙයිකාවන්ගේ කවදත් ක්‍රිකට් ක්‍රීඩාවට හපන්කම් කම් කිවූවන්ය. එහෙත් ඔවුන් මලල ක්‍රීඩාවටත් එකලෙසම දක්ෂය. ලොව වේගවත්ම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බිහිවන්නේද ජැමෙයිකාවෙනි.

යුසේන් බොල්ට් ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස වසර ගණනාවක් පුරාවටම තම දක්ෂතාවය එලෙසින්ම රඳවා ගනීමට සමත්ය. එමෙන්ම ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩකයා ඔහු විය. එහෙත් දැන් ඒ ක්‍රිස් ගේල් විසින් ලබා ගෙන ඇතිවාට සැක නැත.

ජැමෙයිකානුවන්නේ ක්‍රීඩා හැකියාවට ලොකු ඉතිහාසයක් ඇත. වසර 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී මීටර් 200 ධාවන තරගයේදී රන් හා රීදී පදක්කම් දිත්වයම දිනා ගනිමින් ඇරඹුණු ජව සම්පන්න ක‍්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර පදක්කම් ‍රැසක් ජැමෙයිකානුවන් හිමිකර ගෙන තිබිණි.

පාපන්දු, දැල් පන්දු වැන් ක‍්‍රීඩා පමණක් නොව කිසිදා හිම නොවැටෙන ජැමෙයිකාවේ හිම ක‍්‍රීඩාවෙන් විශිෂ්ට දක්ෂතා දක්වන ක‍්‍රීඩකයන් කිහිප දෙනකුද සිටී.

sports for all යන තේමා පාඨය මුල් කරගෙන ජමෙයිකාවේ ක්‍රීඩා ප්‍රතිපත්තිය සකස්ව තිබේ. මේ වැඩපිළිවෙල යටතේ සමාජ සංවර්ධනය ,අධ්‍යත්මික සංවර්ධනය ආදී වශයෙන් පුළුල් වපසරියක් ආවරණය කරන්නෙකි.

එමෙන්ම රටේ ප්‍රධාන ආර්ථිකය සැලැස්ම ලෙස 2007 වසරේ සිට ක්‍රීඩා සංචාරක ව්‍යපාරය එහෙමත් නැතිනම් Sports Tourism හඳුනාගෙන ඇත.


හිමාෂි කරුණාරත්න

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us