ක්‍රීඩා නිලවරණ මැයි 15ට දීර්ඝ වෙයි, වසර හතරේ නීතියේ වෙනසක් නෑ

Published in ක්‍රීඩා
Monday, 23 March 2015 06:54

ක්‍රීඩා සංගම් නව නිලධාරීන් පත් කිරීමේ නිලවරණ කාලය මැයි 15වැනිදා දක්වා දීර්ඝ කරයි. එයට අදාළ ගැසට් පත්‍රය අද හෝ හෙට ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අනුව දැනට ක්‍රීඩා සංගම්වල තනතුරු දරණ සියලු නිලධාරීන්ට නැවැත නිලවරණ පැවැත්වෙන තුරු ධූර දැරීමේ හැකියාව ලැබෙනු ඇත.

නව තීරණයත් සමග දැනට භාරගෙන ඇති සියලු නාමයෝජනා අවලංගු වන අතර ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව නැවැත නාමයෝජනා කැඳවිය යුතු වේ.

ජාතික ක්‍රීඩා සංගම්වල ප්‍රධාන තනතුරු වසර 4ක් දැරූ අයට නැවැත පත්විය නොහැකි බවට ලැබුණු නීතිපති උපදෙස් වලින් අනතුරුව විවිධ මත පළවිය. ක්‍රීඩා පරිපාලනය අලුත් පිරිසකට භාරවිය යුතු යැයි කලක් තිස්සේ මත පළ කළ අතර එයට සෘජු ක්‍රියාමාර්ගයක් වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා ලබාගැනීම ක්‍රීඩාවේ යහපතට හේතුවක් වන බව ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවැසීය.

එමෙන්ම ක්‍රීඩකයන් හා ක්‍රීඩා පරිපානයට සම්බන්ධ ඇතැම් අයද එකතැන පල්වෙන ක්‍රීඩාවට ජීවයක් ගෙන දෙන ලෙස ඉල්ලීම් කිරීම මේ තීරණයට බලපෑ හේතු බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.

ක්‍රීඩා සංගම් ප්‍රධාන නිලතල වසර දෙකක් දැරූ අයට නැවැත එම තනතුරුවලට පත්වීමේ අවස්ථාව ක්‍රීඩා ඇමැතිවරයාගේ පූර්ව ලිඛිත අවසරය මත උදාකරගත හැකි අතර වසර 4ක් සිටි අයට එවැනි ලිඛිත අවසරයකින් හෝ ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි වේ. ක්‍රීඩා සංගම් නිලවරණ මේ මස 31ට පෙර අවසන් විය යුතුව තිබුණද නව තීරණය අනුව මැයි මස 15ට පෙර නාමයෝජනා කැඳවා සති 6කින් නිලවරණ පැවැත්වීම අනිවාර්යය වේ.

 

dinamina

Last modified on Monday, 23 March 2015 07:03

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us