ක්‍රීඩකයන්ට වඩා ගෙවන්නෙ විනිසුරුවරුන්ට - මහේල

Published in ක්‍රීඩා
Wednesday, 29 April 2015 10:01

ඇතැම්විට ක්‍රීඩකයන්ට වඩා විනිසුරුවරුන්ට ක්‍රිකට් තරගවලදී ගෙවීම් සිදුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. ඊයේ (28දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් විදෙස් රටවල් සඳහා ක්‍රීඩා කිරීමට පෙළඹෙන බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් වර්ධනය විය යුතු බව ඔහු පැවසුවේය.

ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙනයාම පිළිබඳව අවධානය යොමුකරන බවත්, දැනට ක්‍රියාත්මක වන තුන් දින තරග දින පහක් දක්වා ක්‍රීඩා කළ යුතු බව තමන්ගේ අදහස බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ කණ්ඩායම් හා පාසල් ක්‍රිකට් ශක්තිමත් කළ යුතු බවද මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us