සියැට් ලෝක ක්‍රිකට් ක්‍රීඩකයා සංගා

Published in ක්‍රීඩා
Tuesday, 26 May 2015 12:04

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සියැට් වසරේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ඉන්දියාවේ මුම්බායිහීදී පෙරේදා (25දා) රාත්‍රියේදී මෙම සම්මාන උලෙළ පැවැත්විණි.

සංගක්කාරට මෙම සම්මානය හිමි වී ඇත්තේ 2014/2015 වර්ෂයේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනි. එහිදී ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්ස යන අංශ තුනෙහිම ඔහු විසින් දැක්වූ දක්ෂතා මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

සංගක්කාරට මෙම සම්මානය හිමිවූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ සනත් ජයසූරිය (1997-98) , මුත්තයියා මුරලිදරන් (2000-01 , 2001-02 , 2006-07) මෙහි වසරේ ක්‍රීඩකයා සම්මානය හිමි කරගෙන ඇත.

මේ අතර මෙහිදී වසරේ පන්දු යවන්නා සම්මානය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රංගන හේරත්ට හිමි වී ඇත.

ලොව ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන සියැට් (CEAT) සමාගම විසින් මෙය සංවිධානය කරනු ලබන අතර මෙහිදී අන්තර්ජාතික හා ඉන්දියානු ක්‍රීඩකයන් යන අංශ දෙකෙහි ක්‍රීඩකයන් සඳහා සම්මාන පිරිනැමිණි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us