මේ පණිවිඩය කිලෝමීටර් බිලියන 4.7 ක දුරක් පැමිණ ඇති අතර ඒ සඳහා පැය 4 ත් විනාඩි 25ක් ගතව තිබෙනවා. මේ අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සෑම ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීම සම්පුර්ණ වී අවසානයි. 
ඒ විතරක් නොවෙයි ප්ලූටෝ ඡායාරූප කිහිපයක්ම මේ වන විට පෘථිවියට එවා තිබෙනවා. ප්ලූටෝට ඉතාම ආසන්න ඡායාරූප ලබාගැනීමට විද්‍යාඥයින්ට හැකිවූ පළමු අවස්ථාවද මෙයයි.
එම ඡායාරූපයන්ගේ ප්ලූටෝගේ අයිස් වලින් වැසී ගිය මතුපිට හොදින් දිස්වෙනවා.
ප්ලූටෝගේ උප ග‍්‍රහයා වන චාරොන්ගේද ඡායාරූපයන් නිව් හොරසියන් නුදුරු දිනකදීම ලබාදෙනු ඇතැයි පැවසෙනවා. 
නමුත් හොරයිසන් යානයේ සංවේදී උපකරණවලට ප්ලූටෝ ග‍්‍රහයාගෙන් ඔබ්බට විසිර පවතින දුලි හා පාෂාණ වලින් හානියක් නොවී ගැලවී ගත හැකිවනු ඇත්දැයි විද්‍යාඥයින්ට ඇත්තේ ගැටලූවකි.




 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														