හොලිවුඩයේ ධනවත්ම නිළිය සැන්ඩ්‍රා

Published in අනං මනං
Wednesday, 06 August 2014 11:02

හොලිවුඩ් නිළියන් විසින් වසර 2013 ජූනි මස සිට වසර 2014 ජූනි මස දක්වා වූ කාලය  තුල  ඉපැයු අදායම අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 50 හැවිරිදි නිළි සැන්ඩ්‍රා බුලොක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා (04) ෆෝබ්ස් සඟරාව විසින් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවට අනුව එහි දෙවන හා තෙවන ස්ථාන හිමිව ඇත්තේ ජෙනිෆ ලෝරන්ස් සහ ජෙනිෆා ඇනිස්ටන්හටයි.

එම ලැයිස්තුවේ ඉදිරිපත් කර ඇති අදායම් වලට අනුව අදාළ කාලය තුල සැන්ඩ්‍රා බුලොක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් උපයා ඇත. ඒ 'ද හීට්' සහ 'ග්‍රැවිටි' යන චිත්‍රපට දෙක සඳහා දායක වීමෙනි.

'ඇමෙරිකන් හස්ල්' සහ 'ද හන්ග ගේම්ස්:කැචින් ෆයර්' යන චිත්‍රපට දෙකෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ ජෙනිෆා ලෝරන්ස් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 34කි.

තෙවනි තැනට පත්වු ජෙනිෆ් ඇනිස්ටන්ගේ අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31 වන අතර 'අයන් මෑන් 3' චිත්‍රපටය සඳහා දායක වු ග්වෙනෙත් පැල්ට්‍රෝව් සිව් වන ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක ආදායමක් වාර්තා කරමිනි.

අදාළ කාලය තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් ඉපැයූ ඇන්ජලීනා ජොලී සහ කැමරන් ඩයස්  දෙපල පස් වෙනි ස්ථානයේ පසු වෙයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us