දුම් ඉරීම සෞඛ්‍යයට අහිතකර බව දැක්වෙන අවවාදය දුම්වැටි පැකැට්ටුවේ මුහුණත වර්ග ප්‍රමාණයෙන් සියයට අසූවක විය යුතු බවට පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කිරීමේ තීන්දුව නොසලකා අධිකරණයෙන් තීන්දුවක් දීම ගැන තමා බලවත් ලෙස කනගාටුව වන බව, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කිංස්බරී හෝටලයේ ඊයේ (22දා) පැවැති මද්‍යසාර සහ දුම්කොළ පාලනය පිළිබඳ වැඩමුළුවේදී පැවැසීය.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආරාධනයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මින් හෙට (24) එකම වේදිකාවකදී හමුවීමට නියමිතය.

රත්නපුර - රක්වාන - දෙල්වින් වත්තේ 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු, කලවාන ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා කොළඹ ජාතික රෝහලේදි ඊයේ රාත‍්‍රීයේ අභාවප‍්‍රාප්ත විය.

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වෙන වෙනම සඳහන් කරන ලෙස අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් කල ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ. ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සාමාන්‍ය පෙළ සිට ආචාර්ය උපාධිය දක්වා වූ පුද්ගලයින් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරන බවයි.

ත‍්‍රීකුණාමලය, තිස්ස නාවික කඳවුරේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වයස අවුරුදු 05හා 06පසුවන දියණිවරු දෙදෙනා පැහැර ගෙන ගොස් මරා දැමීමට තමන්ට රුපියල් ලක්‍ෂ 03ක කොන්ත‍්‍රාත්තුවක් ලැබී ඇති බවත් එම කොන්ත‍්‍රාත්තුව ඉටු නොකර සිටීමට තමාට ලක්‍ෂ 03මුදලක් දෙන ලෙසට මෙරට ප‍්‍රමුඛ පෙලේ ජංගම දුරකථන සමාගමක ඉංජිනේරුවරයෙකුට තර්ජනය කරමින් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු සහ ඔහුට ඒ සඳහා සහය දැක්වූ කාන්තාවක් සමග පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ උපදෙස් පරිදි, එම පක්ෂයේ සාමාජිකයන් රත්නපුර, රක්වාන ප‍්‍රදේශයේ පාසැල් දැරියක දුෂණයට ලක් කළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද (22) උදෑසන සිට ප‍්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භකර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us