ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
රට පුරා රසිකයින් සිටින නිසා පාර්ලිමේන්තු මැතිවරණයට මා සුදානම් - කමල් අද්දරආරච්චි
යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි ‘දිවයින’ට පැවසීය.
සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් කළ ජනපති අපේක්ෂකයන්ට වැඩ වරදින ලකුණු
ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් සඳහා මුදල් වැයකර ඇත්නම්, ඔවුන් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
බදු නොගත් නිසා කෝටි 30,000ක් ඛනිජ තෙල් සංස්ථාවට අහිමි වෙයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පුද්ගලික අංශයට පවත්වාගෙන යාමට ලබාදී තිබෙන ඉන්ධනහල්වලින් බද්දක් අය කිරීමට ගත් තීරණය වසර 18 ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සංස්ථාවට අහිමිවූ අදායම රුපියල් කෝටි 30,000 කට අධික බව අනාවරණය වේ.
ජනපති දුන් පොහොර, ධීවර සහනාධාර මැතිවරණ කොමිසම අත්හිටුවයි
මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් හා ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවනු ලැබ ඇත.
ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට පොලිසියෙන් වෙඩි ! එක අයෙකු තුවාල ලබා රෝහලට
පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී දැඩි ලෙස විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

