මහ වැසි සමග ඇතිවූ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධික වර්ෂාවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 15,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල, කොඩිගහකන්ද යන ප්‍රෙද්ශයන්හි පවුල් 50 කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිතව තිබේ.

අද(06) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. විදුලි බල පනත් කෙටුම්පත අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

ඩෙංගු රෝගය වර්ධනය විය හැකි ප්‍රදේශවල දුමායන කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පාසල් 160 ක් පැවති මහ වැසි තත්ත්වය හේතුවෙන් වසා දමා ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සජිත් හා අනුර අතර වන විවාදය, ස්වාධීන රූපවාහිනී සේවය මගින් සජීව විකාශනය කරමින් අදාළ මාධ්‍ය පහසුකම් සැලසීමට සූදානම් බවට මෙම පක්ෂ දෙක වෙත දැනුම දී තිබුණු අතර ඒ අනුව ඊට පිළිතුරක් සපයමින් ජාජබයේ නලින්ද ජයතිස්ස කියා සිටින්නේ මේ සඳහා අනුර දිසානායක සූදානම් නමුත් සජිත් ප්‍රේමදාස මහතා අදාළ විවාදයට සහභාගී වන්නෙ නම් එය තහවුරු කර දන්වන ලෙසය.

sjb

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us