මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් ඇතුළු වැඩසටහන් 24ක්
මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
අස්වැසුම පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර
පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ජනාධිපතිවරණයේ 'ජාතික අපේක්ෂකයා' රනිල්, අනිත් අය කෝ?
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකව තීරණය කර තිබිණි.
වැට්බදු මුවාවෙන් ජනතාව ගසා කන වෙළෙඳ මාෆියාවට එරෙහිව දැඩි නීති
වැට් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට මුදල් ගසා කෑමේ වෙළෙඳ මාෆියාව මුළුමනින්ම නවතාලීම සඳහා දැඩිව නීති රීති ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
නෙත්මි අහිංසා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයට යයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු සහ ඇයගේ පුහුණුකරු 2024 වසරේ පළමු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගි වීම සඳහා අද ක්‍රොඒෂියාව බලා පිටත්ව යයි.
විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
අද (10) දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.