ඊයේ (12) මහින්ද සමඟ නැගිටින ‍රැළිය පැවැති මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අතුරු සිදු නැතිව පුරවා ගැනීමට රාජපක්ෂවාදීන්ට හැකිවිය. තමන්ගේ උපරීම හැකියාව යොදවා එලෙස එක්කර ගත් ජනගහනය දසදහසකට ආසන්න විය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට ඉල්ලුම් කර ඇතැයිද නාමල් රාජපක්‍ෂ මහතා ද නාමයෝජනා ඉල්ලා ඇතැයි ද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අද දින දිනමිණ පුවත්පතේ පළවී ඇති පුවතකට අනුව නොරොච්චොලේ බලාගාරය සඳහා පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් වැය කළ මුදල සම්බන්ධයෙන් අවුල් සහගත ප්‍රකාශයක් පළව ඇත. එම පුවතේ සිරස්තලයට අනුව නොරොච්චෝලේ බලාගාර ව්‍යාපෘතියෙන් රාජපක්ෂ රෙජීමය විසින් ගසා කෑ මුදල "ඩොලර් මිලියන 15"කි නමුත් ඒ ගැන පුවතේ කිසිදු තැනැක සඳහන් නොවේ.

යාපනය, පුංකුඩුතිව් හි 17 හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා නැමැති පාසල් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියත් සමග යාපනය උසාවියට ගල්මුල් ප්‍රහාර එල්ල කර හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.

රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන බව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් රහස් පොලිසිය අද (12) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සැදුම්ලත් නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අද(12) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us