මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සඳහන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජූනි 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නුවරඑළිය, රාගල ප‍්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.
මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබා දීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අනුමැතිය ඊයේ(26) හිමි විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මහ බැංකුවේ සහ ලංකා බැංකුවේ නිලධාරීන්ගෙන් ලබන 29 වැනි සිකුරාදා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

