පසුගිය සුනාමි ව්‍යවසනයෙන් උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස සපයා දීමට යැයි අඟවමින්, ‘රාධා' නැමැති ආයතනයක් හරහා මුදල් වංචා කළ බවට පවතින චෝදනාව හේතුවෙන් ටිරාන් අලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ.
මේ දවස වල ගජරාමෙට අලුත් අවුරුදු සමරන්න ලෑස්ති වෙනවා ඇති. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඇඳුම් ගන්නවා ඇති. බෑග් ගන්නවා ඇති.
19ට විරුද්ධ නම් ජනතා වරම ඉල්ලා ඉකමනින්ම මැතිවරණයකට යනවා(audio)
19 වන ව්‍යවස්ථා සංශෝධනය මේ සතිය තුළ සම්මත කර ගැනීමට උත්සාහ ගන්නා බවත් එයට විරුද්ධ වන්නේ නම් ජනතා වරම ඉල්ලා මැතිවරණයකට යාම ඉතා ඉක්මනින් සිදු වන බවත් එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.
පොරොන්දු 3 ඉටුකරලා මිස මැතිවරණ බෑ - සෝභිත හිමි(audio)
ජේ.ආර් සැදූ ව්‍යවස්ථාව ජයවර්ධන ව්‍යවස්ථාවක් බවත් ඒ ඔස්සේ අවශ්‍යවුයේ ඔහුගේ බලය වැඩිකර ගැනීමට බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන සංශෝධනය ගෙන ඒම තුළින් සිදු කළේද ඔහුගේ බලය වැඩිකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමක් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේය.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරයි.
අයියණ්ඩි මැරෙනා හැටි මම පෙන්වමි - අගමැති අපේක්ෂක ගෝඨා !
ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂවාදී කණ්ඩායමක් ලෙස අවතැන්වූ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැකසෙන නව පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.
කුරුටු ගීවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් නියම වූ දමිළ ජාතික තරුණිය ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූවත් තවමත් මුදා හැරීමේ නියෝග නොලැබීම හේතුවෙන් ඇය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා නීති විරෝධී හා අයථා අන්දමින් මහා පරිමාණ වශයෙන් මුදල් හා දේපළ උපයා ඇද්ද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.